St. Anne's Balika Maha Vidyalaya

Demise of Mrs. M.L.J Ferdenandaz

2024 Prefect Board

Christmas Carols 2023

Media Day 2023

Sinhala Language Day 2023

දිවියට සවියක්

2024 School Trip

2024 Sport Meet

2024 Easter Day

104 Anniversary

503a2cb7-459e-4768-bab7-85f67e359c2b.jpeg
503a2cb7-459e-4768-bab7-85f67e359c2b.jpeg

සහකාර විදුහල්පතිනියගේ පණිවිඩය

දයානි අල්විස්

කැලණිය අධ්‍යාපන කලාපය තුළ 1AB බාලිකා මහ විද්‍යාලයක් වන මෙම විදුහල කැලණිය කලාපය තුළ පිහිටි අවශේෂ පාසල් සමූහය අතුරින් වඩාත් සුදිලෙන බාලිකා විද්‍යාලයකි. වත්තල ප්‍රදේශයට පමණක් නොව කැලණිය අධ්‍යාපන කලාපයටම සුනිල රත්නයක්, අභිමානයක්, පූර්වාදර්ශයක් වන මෙම විද්‍යාලය සම්බන්ධව සහකාර විදුහල්පතිනිය ලෙස මා තුළ ඇත්තේ සුපහන් හැඟීමකි.

ඒ මෙම බාලිකා විද්‍යාලය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් ක්‍රීඩාව, සෞන්දර්යය හා ආගමික සාමාජීය කටයුතු වගේම ශිෂ්‍ය භට, භාෂා තරග වැනි බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි මනා උද්යෝගයකින් හා මනා අභිලාෂයකින් යුතුව කටයුතු කරන නිසාවෙනි. ගුරු සිසු දෙපාර්ශවය අතර මනා අන්තර් සබඳතාවයක් පවතින මෙම විද්‍යාලයේ දියණිවරුන් අධ්‍යාපන කටයුතු වලට වැඩි නම්‍යතාවයක් දෙන අතර නිර්මාණශීලී සහ ගවේෂණාත්මක කටයුතු වලට ද පසුනොබා උද්යෝගීමත්ව කටයුතු කරනු ලබයි. විද්‍යාලය තුළින් ඔවුන් උකහා ගන්නා අත්දැකීම් සිය පෞද්ගලික හා සාමාජීය ජීවිතය සුපුෂ්පිත කරගැනීමට පෙරටු වනු ඇත.

විද්‍යාලයේ ගරු විදුහල්පති පැවිදි සොයුරිය ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් විද්‍යාලයේ ඉදිරි උන්නතිය උදෙසා ද සිසු දැරියන්ගේ අධ්‍යාපනික, න්‍යායික හා සාමාජයීය ප්‍රගමනය සඳහා තිර අදිටනකින් සහ කැපවීමකින් යුක්ත වන බව ද අපි දනිමු.

එබඳු සුපෝෂිත වත්තල සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලය ක්‍රිස්තුස්වහන්සේගේ නිමල දයාවේ මිහිරත්වය විඳිමින් තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා යැයි යන්න මාගේ ප්‍රාර්ථනයයි.

දයානි අල්විස්
සහකාර විදුහල්පතිනි
සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලය.